News Line| Off Air
Generic placeholder image

Jan
21

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ ‌තෙවන දිනය අද

619 Views


ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ ‌තෙවන දිනය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා.

ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුළු 2ක් දැවී ලකුණු 189ක් රැස්කරගෙන සිටි සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම සියලු දෙනා දැවි ලකුණු 358කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 114 කට කඩුළු 5 ක් දවා ගැනීමට සමත් වුණ අතර මේ අතර සුරංග ලක්මාල් කඩුළු 3ක් දවා ගත් අතර ලහිරු කුමාර දවාගත් කඩුළු සංඛාව 2ක්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම අරඹමින් පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දුයි.

ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 32කට සීමා කිරීමට ඩොනල්ඩ් ටිරිපානෝ සමත් වුණ අතර දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 12ක් රැස් කරගෙන සිටි අතර කුසල් මෙන්ඩිස් නොදැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.


News Articles
Latest Videos
Most Popular Post