News Line| Off Air
Generic placeholder image

Jan
21

විශ්‍රාමික ලියාපදිංචි ක්‍රියාවලිය ඩිජිටල් වෙයි

1345 Views


විශ්‍රාමික ලියාපදිංචි ක්‍රියාවලිය ඩිජිටල් වෙයි

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම නවීන තාක්ෂණික වැඩ සටහන නිල වශයෙන් ඇරඹීම ඊයේ(20) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදුවුණා.

මේ වන විට 641,000 පමණ පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් කියන අතර රජය මාසිකව රුපියල් බිලියන 250ක පමණ මුදලක් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන්කරයි.

කෙසේ වුවද ඇතැම් තැන්වල මියගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වංචනික ලෙසින් ලබා ගැනීම් වාර්තා වෙන අතර එවැනි කරුණු හේතුවෙන් වසරකට මිලියන ගණනක මුදලක් රජයට අහිමි වන බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වය වැලැක්වීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ දක්වා වාර්ෂිකව විශ්‍රාමිකයින්ගේ පදිංචිය හා ජීවිත සහතික කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගිය අතර අද දින හඳුන්වා දෙනු ලැබූ ඩිජිටල් ක්‍රමවේදයත් සමඟ මෙය වඩාත් ක්‍රමවත්ව හා නිවැරදිව සිදුකිරිමේ හැකියාව උදා වන අතර 2016 ජනවාරි 1 වැනිදායින් පසු විශ්‍රාම ගත් සියල්ලන් මෙම නව ක්‍රමවේදය යටතේ පළමුව ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන අතර අනෙක් සියල්ලන් කෙටි කලක් තුළ ලියාපදිංචි කර ගැනීමට අපේක්ෂා කරනවා.

පළමු අදියරේදී 80000 ක පමන පිරිසක් ලියාපදිංචි කර ගැනීමට නියමිතය.මෙම කටයුත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර සමස්ථ විශ්‍රාමික ප්‍රජාවටම මෙම ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව දැනට වාර්ෂිකව සිදුකරණු ලබන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මාස 3ට වතාවක් සිදුකිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර එමගින් වංචා, දුෂණ සිදුවීමට ඇති ඉඩකඩ මුලුමනින්ම පාහේ නවතාලීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ආරම්භයක් ලෙස මෙම ලියාපදිංචි කිරීමේ කටයුත්ත සීමිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමානයක සිදුකිරීමට නියමිත අතර අමාත්‍යවරයා අතින් එම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පරිගණක ප්‍රධානයක්ද සිදුවුණා.


News Articles
Latest Videos
Most Popular Post