News Line| Off Air
Generic placeholder image

Jan
23

කැන්බරා ගුවන් තොටුපල තාවකාලිකව වැසෙයි

1204 Views


කැන්බරා ගුවන් තොටුපල තාවකාලිකව වැසෙයි

ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්.

ඒ අනුව ගුවන් තොටුපළෙන් සිදුකරන සියලු ගුවන් ගමන් කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මේ වනවිට ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී පවතින අතර ඒ ආසන්න මාර්ග රැසක්ද තාවකාලිකව වසා තැබීමට බළධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්. ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක පැවති ලැව් ගිනි තත්ත්වයන් පසුගිය දිනවල යම් පාලනය වීමක් දක්නට ලැබුණද අද දිනයේ සිට දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල යළිත් ලැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post