News Line| Off Air
Generic placeholder image

Jan
23

මැතිව්ස්ගේ ඉනිම අපතේ නොයයි, සිම්බාබ්වේ සමග පලමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගයි

832 Views


මැතිව්ස්ගේ ඉනිම අපතේ නොයයි, සිම්බාබ්වේ සමග පලමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. හරාරේහිදී පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් ලබාගත්තා ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී ලකුණු 515ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටවූ අතර සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා වුනා.

ඒ අනුව තරග ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 14ක්.පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.මෙම තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීම ද විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post