විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ (23) විවෘත විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වූවා.
එහිදී දැනට නතරව තිබෙන නීතිවේදී උපාධිය අද ලෝකය හා වෙළඳපළට ගැළපෙන අයුරින් සකස් කිරීමටත් ලබන මාර්තු පළමුවෙනිදාට පෙර අයදුම්පත් කැඳවීමටත් එකඟතාවට පැමිණි බව සදහන්.
එමෙන්ම මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී විශ්වවිද්‍යාල වරම් නොලත් සිසුන් 40,000ක් බඳවා ගැනීමටද එහිදී සාකච්ඡා කර තිබෙනවා.