News Line| Off Air
Generic placeholder image

Jan
24

කොරෝනා වෛරසය අසල්වැසි ඉන්දියාවටත් පැමිණෙයි

2480 Views


කොරෝනා වෛරසය අසල්වැසි ඉන්දියාවටත් පැමිණෙයි

මාරාන්තික කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.චීනයේ සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ.

ඒ අනුව, ඔවුන් දෙදෙනා මුම්බායි නුවර – කස්ටුබා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

කෙරෝනා වෛරසය බිහි වූ වූහාන් නගරයේ මිලියන 11 ක ජනගහනයක් වෙසෙන අතර, එම නගරයට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නගරය වසා දැමීමට ඊයේ චීන බලධාරින් පියවර ගත්තා.එමෙන්ම, චීනයේ හුඅංගෑන් නගරය ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.

ඒ අනුව, චීනයේ නගර 9 ක මගී ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post