මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම එම වෛරසය හේතුවෙන් සෙසු රටවලටද අවදානමක් පවතින නමුත් ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් මතුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(23) පැවති හදිසි රැස්වීමේදී තීරණය කළ බව සදහන්.
චීනයේ වුහෑන් නගරයෙන් පළමුවරට වාර්තා වු කොරෝනා වෛරසය මේ වනවිට නගර 10ක් පුරා ව්‍යාප්තවී ඇති අතර මරණ 25ක් සහ ආසාදිතයින් 830 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එම නගර ආශ්‍රිතව පොදු ප්‍රවාහන සේවාවන් අත්හිටුවීමට බළධාරීන් පියවර ගෙන ඇති අතර පුද්ගලයින් මිලියන ගණනක පිරිසක් පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවා.