News Line| Off Air
Generic placeholder image

Jan
24

වචනයක් වැරදීම හේතුවෙන් චීන ජනපතිගෙන් සමාව ඉල්ලු face book ආයතනය

1076 Views


වචනයක් වැරදීම හේතුවෙන් චීන ජනපතිගෙන් සමාව ඉල්ලු  face book ආයතනය

පසුගියදා චීන ජනපති ෂි පින්ජින් නිල සංචාරයක් සදහා මියන්මාරයට පැමිණි අතර මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුකී හමුවුණු අතර එහිදී මියන්මාරයේ මාධ්‍ය ඒ පිලිබදව වාර්තා කිරීමේදී චීන ජනපතිගේ නම ෂි ලෙස සදහන් කල අතර ඒ බුරුම භාෂවෙන්ය. කෙසේ වෙතත් බුරුම බසින් ෂි යන වදනට ඇති අර්ථය ඉංග්‍රීසියට පරිවර්තනය වීමේදී අසභ්‍ය වචනයක් ලෙස අර්ථ ගැන් වී තිබෙනවා.

ඒ අනුව ඔක්ස්වර්ඩ් ශබ්දකෝෂයට අනුව එනම් ෂිට්හෝල් යන වචනයේ තේරුම ඉතා අපිරිසිදු අප්‍රසන්න පුද්ගලයෙකුට පරිභව කරීමේදී භාවිතයට ගැනෙන වචනයකි. ඒ අනුව බුරුම බසින් පල වූ පුවත්පත් වල චීන ජනපති ෂිගේ නම face book හරහා ඉංග්‍රීසියට පරිවර්තනය වීමේදී සදහන් වී තිබෙන්නේ මිස්ටර් ෂිට්හෝල් යනුවෙනි. විශේෂයෙන්ම මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සුකී ගේ නිල face book ගිණුමේ පවා සටාන් වී තිබෙන්නේ ඒ ආකාරයට.

කෙසේ වෙතත් මෙය චීන ජනපතිවරයාට සිදු කල ව්ශාල අපහාසයක් වන හෙයින් face book සමාගම එය දැනුනු සැණින් ඉවත් කිර්මටන් කටයුතු කර ඇති බවත් එමෙන්ම චීන ජනපතිවරයාගෙන් සමාව ඉල්ලීමටත් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post