ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීම සදහා ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒම දුම්රිය එන්ජින් පිළිබඳ පවතින දෝෂ නිසාවෙන්ය.
මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සදහන් කරන්නේ එම දුම්රිය එන්ජින් කට්ටල මෙරට දුම්රිය මාර්ගවල ධාවනයට යෝග්‍ය නොවන බවයි. මේ වන විට එරටින් ආනයනය කරන ලද එන්ජින් 08න් 03ක් පමණක් මේ වන විට ධාවනයට එක් කර කර තිබෙන අතර අවස්ථා ගණනාවකදීම මෙම එන්ජිම් දුම්රිය මාර්ගයේදී නතර වීමද එමෙන්ම එන්ජිම දිගිම් වැඩි බවත් එය ලංකාවේ දුම්රිය මාර්ගයන්හි හසුරුවා ගැනීමට හැකි අපහසු බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය දුම්රිය පරීක්ෂක නිලධාරීන් විසින් මෙම දුම්රිය එන්ජින් පරික්ෂා කොට ඉදිරියේදී තමන් වෙත වාර්තාවක් ලබා දීමට නියමිත බවයි විෂය භාර අමාත්‍යවරය වැඩි දුරටත් සදහන් කලේ.