News Line| Off Air
Generic placeholder image

Jan
24

මාතර රෝහලේදී පිරිමියෙක් ලෙස රෝහල්ගතවූ පුද්ගලයාට ඉපදුන පිරිමි දරුවා ප්‍රතික්ෂේප කරයි

2388 Views


මාතර රෝහලේදී පිරිමියෙක් ලෙස රෝහල්ගතවූ පුද්ගලයාට ඉපදුන පිරිමි දරුවා ප්‍රතික්ෂේප කරයි

මාතර මහ රෝහලේදී පිරිමියෙකු ලෙස රෝහලට පැමිණි අයෙකුට දාව උපත ලද දරුවා පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව ත්‍රිරෝද රථ රියෙදුරෙකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා එම දරුවා භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම දරුවා හදාවඩා ගැනීමට කැමති යුවලකට දරුවා භාරදීමට අවශ්‍ය පසුබිම සකස්කර දෙන ලෙසයි.

මේ අතර දරුවාට මවිකිරි ලබාදීමට එම පුද්ගලයාට පියයුරු නොමැතිවීමෙන් මේ වනවිට දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මව්කිරි ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

එසේම අදාළ පිරිමි රියදුරුගේ සුවදුක් බැලීමට අවසරලත් පිරිසකට පමණක් අවස්ථාව ලබාදීමට රෝහල් බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

මෙම කඩවසම් තරුණ පෙනුමක් ඇති පුද්ගලයාට රූමත් පෙම්වතියක් ද සිට ඇති බව මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූ බව සදහන්.

මෙම පුද්ගලයා පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී පසුගියදා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම දරු උපත සිදුකළ අතර අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වනවා.

ප්‍රථමයෙන් මොහු රෝහල්ගතකර ඇත්තේ උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

කෙසේ වෙතත් එහිදී ඔහු ඇතුලත් කර සිටි පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ඔහු ගැබ්ගෙන ඇති බවත් ඔහු කාන්තාවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර ඇති අතර එහිදී කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති බව වාර්තා වනවා.

අනතුරුව මෙම පුද්ගලයා විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසුවා.

පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ඝ කලක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා.

ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති අතර උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර ඇති බවත් අනාවරණය වුණා.

මෙලෙස උපත ලද දරුවා සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දරුවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post