නැගෙනහිර තුර්කියට බලපෑ ප්‍රබල භුකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
භූකම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
රික්ටර් මාපකයේ 6.8ක් ලෙස භු කම්පනය සටහන්ව ඇති බව සඳහන්.
අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානය යන රටවලට ද කම්පන තත්ත්වයක් සිදුව ඇති බව වාර්තා වනවා.
භුකම්පනයෙන් පසු කම්පන 60ක් වාර්තා වී ඇති බව එරට ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය පවසනවා.