News Line| Off Air
Generic placeholder image

Jan
25

කොරෝනා වෛරසය දකුණු ආසියාවටත් පැමිණෙයි

972 Views


කොරෝනා වෛරසය දකුණු ආසියාවටත් පැමිණෙයි

චීනයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමු වරට දකුණු ආසියාවෙන්ද සොයාගෙන තිබෙනවා.

නේපාලය පැවසුවේ චීනයේ සංචාරයක නිරත වී දින කිහිපයකට පෙර පැමිණි 32 හැවිරිදි තරුණයෙකුට වෛරසය වැලදි ඇති බව තහවුරු කර ගත් බවයි.

මේ අතර නව වෛරසය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද සොයාගෙන තිබෙනවා.

මෙල්බර්න් නුවරින් චීන ජාතිකයෙකු එලෙස හමුවී ඇති බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසුවා.

එමෙන්ම මෙම කොරෝනා වෛරසය ආසාදානය වූ රෝගීන් තුන් දෙනෙකු ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර ප්‍රංශ සෞඛ්‍ය බළධාරීන් මේ පිළිබද නිළ වශයෙන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පුද්ගලයින් තුන් දෙනා චීනයේ සංචාරයක නිරත වී යළි ප්‍රංශයට පැමිණි බව අනාවරණ වූ බව සදහන්.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සොයා ගැනීම සදහා නව විධි ක්‍රම ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ප්‍රංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post