වැසි ජලය කෘත්‍රීමව නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට වයඹ පලාත් භූගත ජල ඒකකය කටයුතු කර තිබෙනවා.
පොළව අභ්‍යන්තරයේ පවතින ජල හිගතාවය හේතුවෙන් මෙම වැඩසටහන හදුන්වා දුන් බව එහි කළමණාකාර ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයට අයත් භූගත ජල අංශයට පැමිණ මෙම වැඩ පිළිවෙල පිලිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බව ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා වැඩිදුරටත් සදහන් කළා.