චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ව්‍යප්ත වී තිබෙනවා. ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව ,තායිවානය,තායිලන්තය , අමෙරිකාව ,වියට්නාමය , කැනඩාව යන රටවල් ඒ අතර ඇති අතර මේ වන විට එම වෛරසය ආසාදනය වීමෙන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.
මේ වන විට අමෙරිකාවෙන් මෙම වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගෙන් තිබෙන අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය වන බවයි.
චීනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. බලධාරීන් සදහන් කරන්නේ මෙම වෛරසය
ආසාදිත පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එම ආසාදිතයාගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බවයි. මේ හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම අතිශය දුෂ්කර වී ඇති බව ද වාර්තා වෙනවා.