ජනාධිපතිවරයා ලෙස ජනතාව වෙනුවෙන් තමන්කළ කාර්යයන් බොහෝ පිරිස් අමතකකර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොළොන්නරුවේ පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
එමෙන්ම තමන් ජනාධිපතිවරයා ලෙස ජනතාවට දුන් පොරොන්දුව ඉෂ්ඨ කරමින් ජනාධිපතිවරයා සතු බලතල අවම කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවා.