නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමිව සිදුකරනු ලබන පෙරහුරුවන් සහ පෙබරවාරි 04 වෙනිදා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පුහුණුවීම් ආරම්භ කරන ජනවාරි මස 31 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා විවිධ කාල සීමාවන් වලදී රථවාහන ධාවනය නැවැත්වීමට සහ ධාවනය සිමා කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම පෙබරවාරි මස 04 වෙනිදා අළුයම 4.00 සිට දහවල් 1.00 දක්වා නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති අතර එලෙස වසා තැබෙන මාර්ග, කාල සීමාවන් සහ විකල්ප මාර්ග පහත පරිදි වේ.







