ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කල ජාතික ක්‍රියාකාරී කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.
කොරෝනා වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද එහිදී සාකච්ඡාකිරීමට නියමිත අතර සාමාජිකයින් 22 දෙනෙකුගෙන් මේ කමිටුව සමන්විතයි.