News Line| Off Air
Generic placeholder image

Jan
27

චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැළදී නැහැ

670 Views


චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැළදී නැහැ

චීනය පුරා දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 860 දෙනෙකු සිටින අතර, ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය වැළදී නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කළා.

එරට තානාපති කාර්යාලය මෙය තහවුරු කර ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් සිටිත් නම්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය අමතා ප්‍රවේශපත්‍රවලින් සියයට 50ක වට්ටමක් ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

ඒ සඳහා 0094 77777 1979 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ චීනයේ ටියැංජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post