News Line| Off Air
Generic placeholder image

Jan
28

චීනයේ සිටි ලාංකික සිසුන් 204ක් දිවයින බලා පිටත් වෙයි

548 Views


චීනයේ සිටි ලාංකික සිසුන් 204ක් දිවයින බලා පිටත් වෙයි

මේ වනවිට චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයෙන් පිටත් කර හැර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි වැඩබලන තානාපති කේ.කේ.යෝගනාදන් මහතා සදහන් කළේ අද(28) සහ හෙට(29) යන දිනවල දී තවත් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි.

මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ දිනයේ දිවයිනට පැමිණ තිබෙනවා.

චයිනා ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානා දෙකකින් මෙම සිසුන් පිරිස දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඊයේ දිනයේ පැමිණි සියලු සිසුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සිදුකළ මුලීක පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post