News Line| Off Air
Generic placeholder image

Jan
28

කොරෝනා වෛරස් ආසාධිතයින් 60 ක් සුවය ලැබූ බව චීන වෙබ් අඩවියක් වාර්තා කරයි

2896 Views


කොරෝනා වෛරස් ආසාධිතයින් 60 ක් සුවය ලැබූ බව චීන වෙබ් අඩවියක් වාර්තා කරයි

නව කොරෝනා වෛරසය පිලිබද චීනයේ පීපල්ස් ඩේලි වෙබ් අඩවිය පළ කළ නවතම වාර්තාව අනුව සදුදා දිනය අවසන් වන විට පළාත් මට්ටමෙන් කළාප 30 කින් රෝගීන් 4515 කු වාර්තා වී තිබෙනවා.

ඔවුන් ප‍්‍රකාශයට පත්කරන ආකාරයට නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 106 ක්.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික වාර්තා වලින් සදහන් කර ඇත්තේ රෝගීන් 976 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

එමෙන්ම සදුදා දිනය අවසාන වන විට පුද්ගලයින් 6973 කට වෛරසය ආසාධනය වී ඇති බවට සැක කරන බවත් ඔවුන් පවසා තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් පසු සුවය ලැබීමෙන් පුද්ගලයන් 60 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති බවත් මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

ආසාධිත පුද්ගලයන් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයන් 47,833 ක් සොයාගෙන ඇති අතර වෛද්‍ය නිරීක්‍ෂණ වලින් පසුව ඔවුන්ගෙන් 914 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

තවත් 44,132 කු වෛද්‍ය නිරීක්‍ෂණයේ යෙදී සිටින බවයි චීනයේ පීපල්ස් ඩේලි වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

නව කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන ජය ගැනීම සදහා චීනය ජනතාව මත විශ්වාසය තැබිය යුතු බව චීන ජනපති ෂිං ජින්ග් පින්ග් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් මේ බව පවසා ඇත්තේ පක්ෂ කි‍්‍රයාකාරීන් අමතමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post