News Line| Off Air
Generic placeholder image

Jan
28

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගනී

26554 Views


කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගනී

කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළා.

වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ එම වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1400කට ආසන්න වන බව නවතම විදෙස් වාර්තා සඳහන් කළා.

එය ආසාදිත සංඛ්‍යාව දෙගුණ වීමක් වන අතර, ඒ අනුව චීනය පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4500කට අධිකයි.

හුබෙයි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගල මරණ 24ක් වාර්තා වී ඇති අතර, 1291කට අධික ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post