News Line| Off Air
Generic placeholder image

Jan
28

කොරෝනා වෛරසය ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්ත වුණා ද?

1920 Views


කොරෝනා වෛරසය ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්ත වුණා ද?

ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කිහිපයකට බලපා ඇති මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ පිහිටි ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්තවන්නට ඇතැයි වොෂිංටන් ටයිම්ස් පුවත්පත සදහන් කළා.

ඊශ්‍රායලයේ හිටපු ජීව අවි විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් මීට අදාළ වාර්තාවක් ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මීට පෙර චීනයෙන් හඳුනාගත් සාර්ස් වෛරසයට අදාළ එන්නත ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ නිපදවන්නට ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ජීව අවි නිෂ්පාදනය කරන බවට ඇමරිකාව මීට පෙරද චෝදනා කළ නමුත් චීනය අවස්ථා ගණනාවකදී එය ප්‍රතික්ෂේප කළා.


News Articles
Latest Videos
Most Popular Post