පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට දන්වා තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ චීනයේ සංචාරය වළක්වමින් සිය සේවකයන්ට තහනමක් පැනවු පලමු ප්‍රධාන තාක්ෂණික සමාගම ෆේස්බුක්වීම ද විශේෂත්වයක්.
ඔවුන් චීනයේ සිටින සිය සේවකයන්ට සිය නිවස් වල සිට සේවය කරන ලෙස දන්වා ඇති බව සදහන්.
නව කෙරෝනා වෛරසය හමුවේ මේ වන විට චීනයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 106 ක්.
තවත් 4500කට වැඩි පිරිසකට වෛරසය ආසාධණය වී ඇතැයි නිශ්චිතවම තහවුරු කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 16 කින් මේ වන විට ආසාදිතයින් හමුවී ඇති අතර තවත් විශාල පිරිසකට වෛරසය වැළදී ඇතැයි සැකකෙරෙමින් වෛද්‍ය පරීක්ෂණද ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම චීනය සමග වන සිය දේශ සිමාව වසා දැමීමට හොංකොං රාජ්‍ය පියවරගෙන ඇති අතර චීනය සහ හොංකොං රාජ්‍ය අතර සිදුකෙරෙන අධීවේගී දුම්රිය සහ නෞකා ගමනාගමනය ලබන බ්‍රහස්පතින්දා සිට අත්හිටුවන ඇති.
චීනය සමග සෘජු සබඳතා පවත්වන රටක් ලෙස හෙංකොං රාජ්‍ය තුලද වෛරසය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පැවතීම ඊට හේතුව වී වූ බව සදහන්.