News Line| Off Air
Generic placeholder image

Jan
28

චීනයේ සිට ලංකාවට එන සිසුන් දියතලාවේ හමුදා කඳවුරකට

1485 Views


චීනයේ සිට ලංකාවට එන සිසුන් දියතලාවේ හමුදා කඳවුරකට

චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති අතර එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පවසා සිටියේ, චීනයේ සිට පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයක් හා ලංකාවේ රැකියා බලපත්‍ර ඇති බොහෝ පිරිසක් ඇති බවත් එබැවින් මෙම පිරිසගෙන් ලංකාවේ දරුවන් හෝ සංචාරකයින් හෝ රැකියා බලපත්‍ර හිමි ඕනෑම අයෙක් ඔවුන් ජීවත් වෙන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂණයට ලක් කරමින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසුවා.

විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post