News Line| Off Air
Generic placeholder image

Jan
28

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට

1282 Views


මාරාන්තික කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා.

මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද වෛරස ආසාදිතයන් හමුව ඇති බවත් මාරාන්තික නව කොරෝනා වෛරසය අද වනවිට ඉතාමත් සීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

නවතම වාර්තා පෙන්වා දෙන්නේ දැනට හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 4 297ක් බවත් මේ අනුව ගතවූ පැය 24 ක කාලයේදී වෛරස ආසාදිතයන් 1 400ක් වාර්තාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එය සැලකෙන්නේ වෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණයේ සියයට 50ක කැපී පෙනන ඉහළයාමක් ලෙසත් මේ අතර පළමුවරට කොරෝනා වෛරස ආසාදිතයෙක් මියයාමේ සිදුවීමක් බීජිං අගනුවරින් වාර්තා වෙනවා.

පවතින අවදානම්සහගත තත්ත්වය සලකා චීනයට අයත් හොංකොං රාජ්‍යය තුළ පිහිටි පොදු ස්ථාන රැසක් වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබුණා. මේ අනුව එහි ක්‍රීඩා මධ්‍යස්ථාන, පුස්තකාල හා කෞතුකාගාර සියල්ල වසා දැමීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද කොරෝනා වෛරසය ආසාදිතයන් හමුව තිබෙනවා.

වෛරසය ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවීම සලකා චීනය වෙත සංචාරය කිරීමෙන් හැකිතාක් වළකින ලෙස අමෙරිකාවද සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටියා.
ඔවුන් අවධාරණය කරන්නේ, චීනය වෙත අත්‍යවශ්‍ය නොවන සංචාර හැකිතාක් මගහරින ලෙසත් ඒ අනුව යමින්, කැනඩා රජයත් සිය ජනතාව වෙත දැනුම්දී ඇත්තේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සංචාරය නොකරන ලෙසයි.

මේ අතර චීනය වෙත හා ඉන් පිටතට මෙසේ සංචාර අවලංගු කිරීම හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්ත ද දැඩි අර්බුදයකට මුහුණපා ඇතැයි විදෙස් පුවත් පෙන්වා දෙනවා.

ඉන් ලොව ප්‍රධාන කොටස් වෙළෙදපොළ බොහොමයක කොටස් මිල කැපි පෙනෙන ලෙස පහළගොස් ඇතැයිද විදෙස් පුවත් සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post