කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ඒ පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුලයි.
ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙන අතර එයින් වාර්තා තුනක් මේ වන විට ලැබී තිබෙන බවත් එම
වෛද්‍ය වාර්තා තුලින් තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවත් අනෙක් වාර්තා අද දිනය වන විට ලැබීමට නියමිත බවයි පැවසෙන්නේ.