News Line| Off Air
Generic placeholder image

Jan
29

ඩෙන්මාර්කය විසින් චීන ජාතික ධජය උපහාසයට ගනියි

1363 Views


ඩෙන්මාර්කය විසින් චීන ජාතික ධජය  උපහාසයට ගනියි

චීන ජාතික ධජයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැදීම ඩෙන්මාර්ක් පුවත්පතක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එම පුවත්පත උපහාසාත්මක ලෙස කාටුනයක් පළකර තිබුණා.

Jyllands-Posten නම් පුවත්පත විසින් පසුගිය සඳුදා එම කාටුනය පළකර තිබු අතර එහිදී චීන ජාතික ධජය පළකොට එහි තිබෙන තරු වෙනුවට කොරෝනා වෛරසය හුවා දක්වා තිබෙනවා.

මෙම කාටුනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙන්මාර්කයේ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එය චීනයට සිදුකළ අපහාසයක් බවයි.

මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 132ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 10,000 කට අසන්න පිරිසකට වෛරසය වැළදී තිබෙනවා.

ඩෙන්මාරකයේ මෙම පුවත්පත සිදුකළ ක්‍රියාව භාෂණයේ නිදහස සම්බන්ධයෙන් තිබෙන සිමාවන් ඉක්මවා යාමක් බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

කෙසේවෙතත් තමන් චීනයේ ජනතාව හෝ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් උපහාසාත්මකව සිතා මෙම කාටුනය පළනොකල බවත්, කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමට කටයුතු නොකරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙන්මාරකයේ Jyllands-Posten පුවත්පතේ කතෘවරයා සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post