දැනට ලංකාවේ පවතින තත්ත්වය තුළ තමන්ට අසනීපයක් නොමැති වාතාවරණයක් තුළ අනෙක් පුද්ගලයාගෙන් බෝවේයැයි යන ආකල්පය මත අනිසි බියක් ඇති කර ගෙන මුඛ ආවරණ පැළඳීම දැනට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසනවා.
ආසාධිත පුද්ගලයින් සිප ගන්නේ නැති නම්, සාමාන්‍ය පරතරයක් මත සිට කෙළ බිඳිති ස්පර්ශ කරන්නේ නැතිනම් මෙම රෝගය සුළඟ මඟින් මෙම රෝගය බෝවීමේ හැකියාවක් නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
නමුත් විශේෂ අවශ්‍යතාවයක් පැන නගී නම් ඒ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පණිවිඩයක් නිකුත් කරමින් අදාළ අංශ වෙත මුඛ ආවරණය පැළඳිය යුතු වේලාවන් සඳහන් කරන බවත් විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසනවා.
ආසාධිත පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට මුඛ ආවරණයක් පැළඳිය යුතු බවත්, අද වෙළඳ පොළේ ඇති සාමාන්‍ය මුඛ ආවරණයක් පැය 8ක පමණ කාලයක් සඳහා පමණක් වංගු වන බවත් ඇය සඳහන් කළාය.
දිනපතා එකම මුඛ ආවරණය පළඳින්නේ නම් ඒ තුළින් වෙනත් වෛරසයන් පවා ශරීර ගත වීමේ අවධානමක් පවතින බවත් වෛද්‍යවරිය පැවසු අතර කොරෝනා වෛරසය සතුන් අතර හුවමාරු වන වෛරසයක් බවද වෛද්‍යවරිය වැඩි දුඅරත් කියා සිටියා.
එයින් සතුන්ට විවිධ ආකාරයේ බලපෑම් ඇති කරන අතර, සතුන් සමඟ නිතර ගැවසීමේ දී සමහර අවස්ථාවලදී මිනිසුන්ටත් මෙය ආසාදනය විය හැකි බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
නමුත් සෑම කොරෝනා වෛරසයක්ම මිනිසුන් අතර පැතිර නොයන බවත් කියා සිටි ඇය, 2002 වසරේ දී “සාස් වෛරසය“ උගුඩුවා වැනි සත්වයෙක් හේතුවෙන් ඇති වු බවත්, මර්ස් කොරෝනා වෛරසය ඔටුවන් මාර්ගයෙන් ද ඇති වීම තුළ ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වු බවත් පැවසුවා.
කොරෝනා වෛරසය විවිධ කාල පරාසවල දකින බවද පැවසු වෛද්‍යවරිය මෙවර ඇතිව තිබෙන තත්ත්වය මීට පෙර තත්ත්වයන්ට වඩා වෙනස් වු බැවින් එය “2019 නව කොරෝනා වෛරසය“ යන නමින් හඳුන්වන බවත් කියා සිටියා.