පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ පැයක පමණ රහස් ප්‍රකාශයක් දී ඇති බව සඳහන්.