අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිලිබද ආචාර්ය උපාධියක් ලබාගෙන තිබෙනවා.
2015 වසරේ සිට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල නිකුත් වී ඇති බව සදහන්.
ගණිතය පිලිබද ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමණාකරණය පිලිබද තවත් ආචාර්ය උපාධියක් සදහා ද රෝහිත රාජපක්‍ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වුණා.
උපාධි ප‍්‍රධානයෙන් පසු ව්‍යාපාර කටයුතු සිදුකරන බවත් එම විෂයන් පිලිබදව දේශන කටයුතු වල යෙදීමට අපේක්‍ෂා කරන බවත් රෝහිත රාජපක්‍ෂ මහතා පවසා තිබෙනවා.