සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා.
සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් ෂෝන් විලියම්ස් ලකුණු 107ක් සහ සිකන්දර් රාසා ලකුණු 72ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ඔෂදු ප්‍රනාන්දු සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාවයක් ලකුණු 94ක්. දිමුත් කරුණාරත්න ලකුණු 44ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 44ක් රැස් කර ගෙන සිටි ඔෂද ප්‍රනාන්දු දැවී ගියා.