චීනයේ හුබෙයි පළාතේ සිට රැගෙන එනු ලබන ඕස්ට්‍රලියානු පුරවැසියන් ඕස්ට්‍රලියාවේ කිලෝමීටර් 2000 ක පමණ දුරින් පිහිටි නත්තල් දුපතට යැවීමට කටයුතු කරන බව එරට අගමැති ස්කොට් මොරිසන් සදහන් කරනවා. අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් අතර අසාධිතයන් සිටියහොත් ප්‍රධාන භුමියට වෛරස් ඇතුළුවීම වැලැක්වීම මෙහි අරමුණ බවයි. එම භුමියේ යම් කාලයක් ගත වීමට සලස්වා ආසාධිත නොවූ පුද්ගලයින් හැකි ඉක්මනින් සිය රටට රැගෙන එන බවයි.