කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.
පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් වෙන් කර ඇති අතර ස්කෑනර් යන්ත්‍ර දෙකක් යොදවා එම චීන ජාතිකයින්ට වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම කරන බව ද සභාපතිවරයා පැවසුවා.
පසුගිය දින කිහිපය තුළ එලෙස සැක කටයුතු රෝගීන් 4 දෙනෙකු හමුවූ නමුත් ඔවුන්ට ද වෛරසය වැළදී නොමැති බවට පසුව තහවුරු වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.