සුප‍්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩක කොබේ බ‍්‍රයන්ට් සහ ඔහුගේ දියණිය වූ 13 හැවිරිදි ජියානා බ‍්‍රයන්ට් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්කරමින් කැලිෆෝනියාවේ කැලබාපස් හි සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් දින කිහිපයකට පසු කොබෙ බ‍්‍රයන්ට් ගේ බිරිද Instagram හි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අදාල පණිවිඩය මගින් මෙම වේදනාකාරී අවස්ථාවේ තමාට සහ තම දියණියන්ට ශක්තිය සැපයූ රසිකයින්ට ස්තූතිය ඵල කර තිබෙනවා.
එමෙන්ම මේ දෙදෙනාගේ දේහයන් හි අවසන් කටයුතු පිලිබද කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

