කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා ඇති අතර මීට පෙර අවස්ථාවන් වල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් තම ගමන් මලු රැගෙන මෙම දුර පා ගමනින් පැමිණ තිබෙනවා.
මෙම තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසු එතුමාගේ නිර්දේශ මත මෙම නව බස් රථ සේවාව ආරම්භ කළ බව සදහන්.