News Line| Off Air
Generic placeholder image

Jan
31

සූර්යයා ගේ නොදුටු දසුන්

1483 Views


සූර්යයා ගේ නොදුටු දසුන්

සූර්යයා ගේ මතුපිට පෘෂ්ඨයේ දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

සූර්යයා පිළිබඳව වැඩිදුර අධ්‍යයනට එම දසුන් මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයින් පවසනවා.

සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය දැක්වෙන නවතම දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී ඇති අතර ඉතාමත් සමීපව සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය කැමරා කාචයට හසුකර ගත් පළමු අවස්ථාව මෙයයි.

මෙම දසුන් ලබාගෙන තිබුණේ ඩැනියෙල් කේ ඉනෝයි (Daniel K.Inouye) සූර්ය දුරේක්ෂය ආධාරයෙන්.

හවායි හි හාලියාකාලා (Haleakala) ගිනිකඳු ශිඛරය ආශ්‍රිතව මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක් පමණ ඉහළින් එම දුරේක්ෂය පිහිටා තිබෙනවා.

මේ දුරේක්ෂය ලොව විශාලතම සූර්ය දර්පණයෙන් සමන්විත වීම එහි ඇති විශේෂත්වයයි.

ඒ හේතුවෙන් විශාල දුර පරාසයකදී වුවත් ඉතා සියුම් දේ හසුකර ගැනීමේ හැකියාව එය සතු බව ජාතික සූර්ය නිරීක්ෂණාගාරය පවසනවා.

සූර්ය තාරකාවෙන් නික්මෙන ශක්තිජනක වායු සහ ප්ලාස්මා මේ දසුන්වල පැහැදිලිව දැකගත හැකි අතර සූර්යයාගේ ක්‍රියාකාරිත්වය හෝ අභ්‍යවකාශ කාලගුණය අධ්‍යයනය කිරීමෙන් පෘථිවියේ ගැටළු පිළිබඳව අනාවැකි පළකිරීමේ හැකියාව පවතින බව සදහන්.

සූර්යයාගේ චුම්බක ස්ඵෝටන(පිපිරීම්) චන්ද්‍රිකා බිඳ වැටීම, GPS අක්‍රීය වීම ගුවන් ගමන් වලට බාධා පමුණුවීම, වැනි ගැටළු වලට හේතු වන බව සඳහන්.

සූර්යයාගේ බාහිර අවකාශය (outer atmosphere) එහි මතුපිට ස්ථරයට වඩා උෂ්ණාධික වනවා.

සූර්ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ විය හැකි නම් බාහිර අවකාශයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනක් තරම් අධිකයි.

බාහිර අවකාශය තුළ එතරම් අධික තාපයක් ඇති වීමට බලපාන යාන්ත්‍රණය මෙතෙක් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැහැ.

සූර්යයා ගේ මතුපිට පෘෂ්ඨයේ මේ නව ඡායාරූප ඒ පිළිබඳව අධ්‍යයනටද මහත් රුකුලක් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post