News Line| Off Air
Generic placeholder image

Jan
31

ඕස්ට්‍රේලියාවට හදිසි තත්ත්වයක්

9136 Views


ඕස්ට්‍රේලියාවට හදිසි තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර දකුණුදිග ප්‍රදේශයේ පැතිර යන ව්‍යසනකාරී ලැව්ගිනි හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

බලධාරීන් පවසන ආකාරයට දශක දෙකකට ආසන්න කාලය තුළ ප්‍රදේශයට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය මෙය වෙනවා.

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාව පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු සහ සතුන් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

ඉන් නිවාස 2500 ක් සහ ග්‍රීසිය හා සමාන භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post