අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙයයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්.
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස පසුගිය නොවැම්බර් මාසයේදි ඉන්දියාවේ සංචාරය කළා.
මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරයේදී වරනාසි, සාරනාත්, බුද්ධගයා සහ තිරුපතිහි සංචාරය කිරීමටද නියමිතයි.
ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ අභිලාෂයන්, ඉන්දීය සාගර කලාපයේ තත්ත්වය සහ ආරක්ෂක හා වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ මාර්ග ඇතුළු කරුණු රාශියක් අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී අවධානය යොමුකරනු ඇති.