මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාරයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේදී තරග කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකන නමුත් ක්‍රීඩා කරන කාල සමයේ පරිදි දක්ෂතා එම තරගයේදී අපේක්ෂා නොකරන ලෙස තමා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බව කුමාර් සංගක්කාර පවසනවා.
එම තරගය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ(30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් යනු ජාති භේද අභිබවාලමින් මිනිසුන්ගේ හදවත් යා කළ හැකි විශේෂිත වූ ක්‍රීඩාවක් බවත්, එම පණිවිඩය ලබා දීමේ අරමුණු කොට මෙවැනි ආකාරයේ තරග පැවැත්වීමට මාර්ලිබෝන් ක්‍රිකට් ක්‍රීඩ සමාජය නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් සදහන් කළා.