News Line| Off Air
Generic placeholder image

Jan
31

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවයි

612 Views


ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක ලෙස පත් කිරීමෙන් තනතුර පහත දැමීමක් සිදුවූ බව ශානි අබේසේකර මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් දක්වා තිබුණා.

ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් රජයෙන් අය කර දෙන ලෙසටද ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම තමන් නැවතත් රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා/පොලිස් කොමිසම ඇතුලු පාර්ශව 17 ක්.


News Articles
Latest Videos
Most Popular Post