ප‍්‍රංශයේ එයාර් බස් සමාගම තමන්ගේ ගුවන් යානා ලොවපුරා අලෙවි කිරීම සදහා තමන් නිශ්පාදිත එයාර් බස් ප‍්‍රවර්ධනය කිරීමේදී රටවල් කිහිපයකට එම එයාර් බස් ලබාදීම සදහා අල්ලස් ලබාදී තිබෙනවා.
ඒ අනුව අල්ලස් මුදල් ලබාගත් රටවල ගුවන් සමාගම් වල නිළධාරීන් විසින් ප‍්‍රංශයේ නිශ්පාදිත එයාර් බස් ලබාගැනීමක් සිදුකර තිබෙනවා.
මෙම අල්ලස් ලබාගැනීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවට ලැබීම පිලිබද අද විදෙස් මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා.
2011 – 2015 කාලසීමාව තුළදී ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ බිරිදක් විසින් ඩොලර් මිලියන 02 ක අල්ලස් මුදලක් ලබාගත් බවයි විදෙස් පුවත් වෙබ් අඩවි වාර්තා කළේ.
ශී‍්‍ර ලංකාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ගානාව යන රටවල් වලටද එයාර් බස් සමාගම විසින් අල්ලස් මුදල් ලබා දී තිබෙනවා.
මේ පිලිබද තොරතුරු වාර්තා කර තිබුණේ yahoo වෙබ් අඩවියයි.