News Line| Off Air
Generic placeholder image

Feb
3

එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් උපදෙස්

835 Views


එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට  නීතිපතිගෙන් උපදෙස්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව මෙම උපදෙස ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු විදෙස් වෙබ් අඩවි තුළින් අනාවරණය වුණා.

ඒ අනුව පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post