කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකාව ලබාදුන් සහාය, චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඒ, එම වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය.
මේ අනුව කඩිනමින් පැතිරයන කොරෝනා වෛරසය මර්දනය කිරීමට ජර්මනිය ඇතුළු ජී හත කණ්ඩායමේ රටවල් සූදානම් වෙමින් පවතින අතර මේ අතර චීනයේ වූහාන් නගරයේ සිටි රටවල් 30ක පුරවැසියන් 250කට වැඩි පිරිසක් ගුවන් මගින් ගෙන්වා ගැනීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා.
ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක්කිරීමෙන් පසු යළි සියරටවල් බලා පිටත් කෙරෙනු ඇති අතර ඕස්ට්‍රේලියාව ද වූහාන් නගරයේ සිටි සිය පුරවැසියන් 270 දෙනෙකු ගුවන්මගින් ගෙන්වාගෙන ඇති අතර ඔවුන් ක්‍රිස්මස් දූපතේ දින14ක කාලයක් තැබීමට සැලසුම් කර තිබෙනවා.