News Line| Off Air
Generic placeholder image

Feb
3

කොරෝනා අසාදිත චීන කතගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

645 Views


කොරෝනා අසාදිත චීන කතගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසනවා.

වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බවයි.

මේ අතර කොරෝනා වෛරසය අසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරමින් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ඔහු ජනතාවට දැනුම් දුන්නා. මේ අතර ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසනවා.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසුවේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීර‍ය මත පතිතවීමෙන් මෙම වෛරසය ආසාදනය විය හැකි බවයි. මේ අතර මෙරට ඉදිකිරීම් සමාගම්වල සේවයේ නියුතු චීන ජාතිකයින් පසුගිය දින කිහිපය පුරා පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුනු චීන ජාතිකයින් පිළිබඳ ලද පැමිණිලි අනුව ඔවුන් පරීක්ෂා කළ බවයි. දිවයින පුරා සිටින කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ගුවන් මගීන් පිළිබඳව විමර්ශනය කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post