News Line| Off Air
Generic placeholder image

Feb
3

කොරෝනා මරණ ගණන 361ක් දක්වා ඉහළට

747 Views


කොරෝනා මරණ ගණන  361ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරිදා දිනයේදී මරණ 57ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 56 ක් හුබෙයි පළාතෙන්ද අනෙක් මරණය චොංකිං වලින්ද වාර්තා වෙනවා. ඉරිදා දිනයේදී කොරෝනා වෛරසය යැයි සැක සහිත පුද්ගලයින් 5,173 ක් වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂම පවසන අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් 147 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබුණා.

රෝගීන් 2,296 ක් බරපතල තත්ත්වයේ පසුවන අතර පුද්ගලයින් 21,558 කට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර මේ දක්වා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 475ක් වෙනවා.

රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 189,583 ක් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 10,055 දෙනෙකු ඉරිදා වෛද්‍ය නිරීක්ෂණවලින් අනතුරුව නිදහස් කර තිබෙනවා. තවත් 152,700 ක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post