News Line| Off Air
Generic placeholder image

Feb
3

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළට

1338 Views


මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළට

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස මේ වනවිට 362 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් චීනයේ වෙන්සු නගරය වසා දැමීමට එරට බලධාරීන් අද පියවර ගත් බව සදහන්.

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මේ වනවිට ලොව රටවල් 27කින් හමුවී තිබෙනවා. එම රටවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17,385ක් වන අතර ඉන් 17,205ක්ම හමුව ඇත්තේ චීනයෙන්.

එමෙන්ම පුද්ගලයන් 475ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 21,558 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තා වලින් අනාවරණය වී තිබෙනවා.

2003 වසරේදී චීනයෙන් හමුවූ සාර්ස් රෝග ව්‍යාප්තිය හා සසඳන විට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට එය ඉක්මවා යාමක් දක්නට ලැබෙන අතර එම කාලය තුළ චීනයෙන් සාර්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් 5327ක් වාර්තා වූ බවත් පුද්ගලයන් 349ක් ජීවිතක්ෂයට පත්වු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post