චීනය නව කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමට ඩ්‍රෝන තාක්ෂනය උපයෝගී කරගෙන තිබෙනවා.
මේ පිලිබදව ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ විශාල අවධානයක් යොමු වුණා.
විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීම දියුණු රටවල දක්නට ලැබෙන අතර මාරාන්තික නව කොරෝනා වෛරස් රෝගය පාලනය සඳහා චීනය ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන තිබුණා.
නගරවල සැරිසරන අතැම් පුද්ගලයින් මුඛ ආවරණ නොපැළඳ සිටීම නිසා දුරස්ථ සන්නිවේදන පාලන ක්‍රම ඔස්සේ ඔවුන් සොයා ගොස් අවවාද කිරීමට චීනය මෙම ඩ්‍රෝන යානා භාවිතා කරන බව සදහන්.