ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තා.
මේ හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටීමකට ලක් වූ අතර විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් විසන්ධි කිරීමට විදුලි බල මන්ඩලය තීරණය කර තිබූණා.
එහෙත් මේ සම්බන්ධව වහාම මැදිහත් වුනු ප්‍රවාහණ කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත ස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව නැවතත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම අත්හිටුවීමට තිරණය කරන කළ බව සදහන්.
ඒ අනුව නැවතත් අඛණ්ඩවම විදුලිබලය මහජනතාවට සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.