News Line| Off Air
Generic placeholder image

Feb
3

නිදහස් දින නිමිත්තෙන් සිරකරුවන් 512කට පොදු සමාව

629 Views


නිදහස් දින නිමිත්තෙන් සිරකරුවන් 512කට පොදු සමාව

හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා.

ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව එම ලේඛණය මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසු හෙට දිනයේ මෙම සිරකරුවන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා.

කෙසේවෙතත් මිනිමැරුම්, ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි නොවන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post