News Line| Off Air
Generic placeholder image

Feb
3

කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ත්ව වාර්තාව නිකුත් වෙයි

1433 Views


කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ත්ව වාර්තාව නිකුත් වෙයි

කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (02) නිකුත් කරන ලද අතර එම තත්ත්ව වාර්තාවට අනුව රෝගය වැළඳුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 14,557 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය 24 තුළ නව රෝගීන් 2,604 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන්.

පසුගිය 1 වන දින වාර්තාවට සාපේක්ෂව රෝග ව්‍යප්ත වීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 20% පමණ වැඩිවීමක් අතර නමුත් ‍මෙම ව්‍යාප්තිය සළකා බලනවිට 99.5% ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙනි.

ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.5% තරම් අගයක් වන අතර රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 14,411 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති අතර කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 2,110 කගේ තත්ත්වය බරපතළ බවත් කෙරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මරණ 304 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

එසේම වර්තමානය වන විට ලොව පුරා රටවල් 24 ක කොරෝනා වෛරස් රෝගය වැළදුන රෝගීන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ දක්වා සදහන් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව රෝග අවදානම පිළිබද සළකා බැලීමේ දී චීනය ඉතා ඉහළ අවදානම් මට්මක පවතින අතර කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා නව වෛරස් රෝග අවදානම ඉහළ මට්ටම පවතින බව එම වාර්තාවේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post